වියට්නාමයේ හැනෝයි අගනුවර රතු ගංගාව දශක දෙකක කාලයකින් ඉහළම මට්ටමට පැමිණ ගංවතුර තත්ත්වයට ලක්වීමත් සමඟ පහත් බිම්වල විසූ දහස් ගණනක් ජනතාව ඉවත් කිරීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
රතු ගඟේ ගංවතුර හේතුවෙන් නගරයේ සමහර ප්‍රදේශවල මීටරයක් උසට ළඟා වූ අතර, සමහර නිවැසියන්ට බෝට්ටුවකින් තම අසල්වැසි ප්‍රදේශවලට යාමට සිදු වූ බවයි වාර්තා වන්නේ .
ගංවතුර නිසා ආරක්ෂක හේතූන් මත සමහර දිස්ත්‍රික්කවලට විදුලිය විසන්ධි කර ඇති අතර හැනොයි හි පරිපාලන දිස්ත්‍රික්ක 30න් 10ක්ම “ගංවතුර අනතුරු ඇඟවීම් ” පවතින බවද එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර සිටිනවා