ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිිඨයේ සිසුන් 07 දෙනෙකුට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයක පිටගැස්ම සඳහා ලබාදුන් එන්නතකින් පසු ඔවුන් අසනිප තත්ත්වයට පත්ව අද (17) දින බෙලිහුල්ඔය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබෙනවා .
සිසුවියන් 06 දෙනෙකු සහ එක් සිසුවෙකු මෙලෙස රෝහල් ගත කර ඇති අතර ඉන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා බලංගොඩ මූලික රෝහලට මාරැකර යවා තිබෙන බවයි වාර්තා වන්නේ .
එලෙස ලබා දුන් එන්නත් මාස දෙකකට පෙර කල් ඉකුත් වී තිබෙන බවට මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චෝදනා කර සිටිනවා .