ජනාධිපතිවරණයට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 532කදී ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී නන්දන ගලබඩ මහතා පවසනවා .
නන්දන ගලබඩ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) දින පස්වරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීයි .
එහිදී අදහස් දැක්වූ නන්දන ගලබඩ මහතා ප්‍රකාශ කර සිටියේ මෙවර ජනාධිපතිවරණයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි ඡන්ද දායකයින් හය ලක්ෂ පන්දහස් දෙසිය අනුදෙකක් සුදුසුකම් ලබලා තියෙන බවයි .
එමෙන්ම ඡන්ද කටයුතු සඳහා නිලධාරින් 8500ක් සහ වාහන 600ක් පමණ මැතිවරණ රාජකාරි සඳහා යොදවලා තිබෙන බවයි නන්දන ගලබඩ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ .