ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කර ඇති විගමණික ශ්‍රමිකයින්ගේ නිශ්පාදන අඩංගු වෙළඳකුටි රැසක් සමගින් “විගමණික ශ්‍රමික පොළ” නොවැම්බර් 20 දින බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙය ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ස්ථාපිත කර වසර 40ක් පිරීම නිමිත්තෙන් ඊට සමගාමීව පැවැත්වෙනවා.
විදේශ රැකියාව අවසන්වී මෙරටට පැමිණ සාර්ථකව ව්‍යාපාර කටයුතුවල නියැලෙන ශ්‍රමිකයින්ගේ නිශ්පාදන මෙහිදී සහන මිලට මිලදී ගැනීමට අවස්ථාව සලසා ඇති අතර, කාර්යාංශයේ ප්‍රත්‍යානුකලන අංශය විසින් මෙය සංවිධානය කළා.
එදින උදෑසන 9.00 සිට මෙම නිශ්පාදන අලෙවි පොළ පැවැත්වෙන අතර, සහන මිලට රෙදිපිළි, අත්බෑග්, සපත්තු, කුළුබඩු, රූපලාවන්‍ය නිශ්පාදන, ලී බඩු, දේශීය ඖෂධ හා ආහාර නිශ්පාදන ඇතුළු භාණ්ඩ රැසක් මිලදී ගැනීමට අලෙවි කුටි 60කට අධික ප්‍රමාණයක් ස්ථාපිත කිරීමට නියමිතයි.
සහනදායී මිලට භාණ්ඩ මිළදී ගැනීමට මෙම අලෙවි පොළට පැමිණෙන මෙන් කාර්යාංශය මහජනතාවට ආරාධනා කර සිටිනවා.
