සිරකරු සුබ සාධක දිනය වෙනුවෙන් සිරකරුවන් 350 දෙනෙකුට නිදහස හිමිවුණා.
ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබි ඇති බලතල අනුව සිරකරුවන් පිරිසකට මෙලෙස රාජ්‍ය සමාව පිරිනැමුණු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.
සුළු වැරදි සදහා බන්ධනාගාර ගතවුවන් අතරින් මෙම පිරිස තෝරා ගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක මහතා ප්‍රකාශ කළේ.
මේ අතර අගුණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් ද රැඳවුවන් පිරිසක් නිදහස ලබා පිටව ගියා.
එම බන්ධනාගාර අධිකාරි නිමල් ශාන්ත මහතාගේ මූලිකත්වයෙනුයි එම කටයුතු සිදුකෙරුණේ.
කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි රැඳවුවන් පිරිසකට ද නිදහස හිමිවුණා.
කෙසේ වෙතත් නිදහස ලැබු 6 දෙනෙකු වෙනත් වැරදිවලට දඩුවම් ලබා ඇති බැවින් ඔවුන්ට තවදුරටත් බන්ධනාගාර ගතව සිටිමටයි සිදුවුණේ.