ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 ජනවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබෙනවා .
ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2025 ජනවාරි මාසය සඳහා -4.0% ක් දක්වා අඩු වී තිබෙන බවයි සඳහන් වන්නේ .
එය 2024 දෙසැම්බර් මාසය සඳහා -1.7% ක් ලෙස වාර්තා වී තිබුණා .
2025 ජනවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්ෂ්යමය) -2.6% දක්වා අඩු වී ඇති අතර 2024 දෙසැම්බර් මාසයේ දී එය වාර්තා වුණේ 0.8% ක් ලෙසයි.
එමෙන්ම, 2025 ජනවාරි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්ෂ්යමය) -4.7% ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 දෙසැම්බර් මාසයේ දී -3.0% ක් ලෙස වාර්තා වී තිබෙනවා .