කටුනායක ගුවන් තොටුපොළ මුර කපොලු තුළින් රිංගා ගොස් , ගුවන් යානා අංගනය තුළ නවතා තිබූ ගුවන් යානයකට අනවසරයෙන් ඇතුළු වීමට තැත් කළ තරුණයෙකු (12) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු කොළඹ , ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ , සාන්ත ජෝශප් වීදියේ පදිංචි මොහොමඩ් පවුමි මොහොමඩ් නසීර් නැමැති 23 හැවිරිදි තරුණයෙක්.
මෙම තරුණයා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ මුර කපොලු අතරින් රිංගා ගොස් , ගුවන් තොටුපොළ ගුවන් යානා අංගනයේ නවතා තිබූ ඉන්දියාවේ චෙන්නායි නුවර බලා (12) දින අලුයම 03.45 ට පිටත්ව යාමට සූදානම් කර තිබූ ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ – 1172 දරන ගුවන් යානයට ඇතුළු වීමට තැත් කර තිබෙන බවයි පොලීසිය පවසන්නේ.
එම අවස්ථාවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත දුන් බවයි ආරක්ෂක නිලධාරීන් සඳහන් කළේ.
මෙම තරුණයාගේ සොහොයුරෙකු පොලිසිය වෙත කැදවා සිදු කළ විමර්ශන වලදී සඳහන් කළේ තරුණයා මානසික රෝගාබාධයකින් පෙළෙමින් සිටින අතර , ඔහු ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ද ලබා ගෙන ඇති බවයි අනාවරණය වන්නේ.
ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇති තරුණයා (12) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් , අධිකරණය මඟින් මොහු පිළිබඳ මානසික රෝග වාර්තාවක් ලබා ගැනීමට නියමිතයි.