මෙරට සියලු පාසල් දරුවන් සදහා නොමිලේ සෞඛ්‍යාරක්ෂණ ප්රතිලාභ ලබාදීමේ අරමුණෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කළ සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.
සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා ඉදිරිපත් වී සිටි රක්ෂණ සමාගමෙහි ගිවිසුම් කාලසීමාව පසුගිය වසරේ දී අවසන් වුණා. නව ආයතනය සමග ගිවිසුම්ගතවන තුරු අදාළ ප්රතිලාභ ලබාදීමේ කටයුතු සිදු කෙරෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය හරහායි. ඒ අනුව එම රක්ෂණ ප්රතිලාභ අපේක්ෂා කරන සියලු පාසල් දරුවන් තම අයදුම්පත් අධ්‍යාපන අධ්යක්ෂ, පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපියනයට යොමුකළ යුතුයි. වැඩිදුර තොරතුරු 0112 784 163 යන දුරකතන අංකයෙන් ලබා ගත හැකියි.
