fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය පිහිටුවීමට සියල් සූදානම්

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2018 19:23

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය පිහිටුවීමට සියල් සූදානම්

බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය පිහිටුවීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම්කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දී ඇති බැවින් එළඹෙන සතියේ දී එම කටයුතු ආරම්භ කළ හැකි බව අධිකරණ ක්‍ෂේත්‍රයෙන් ලැබෙන තොරතුරු වාර්තා පවසනවා.

විශේෂ මහාධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායකයේ වැඩි ඡන්දයෙන් සම්මත වූයේ පසුගිය මැයි නව වනදායි. මැයි 18 වනදා කතානායකවරයා ඊට අත්සන් තැබුණා. ඒ අනුව දූෂණ විරෝධී මහාධිකරණයේ අංක එක අධිකරණය පිහිටුවීමට සියලු කටයුතු යොදා තිබෙනවා. ඊට අදාල ගොඩනැගිල්ල සහ විනිසුරුවරුන් පත්කිරීම ද අවසන් කර තිබෙනවා. දණ්ඩ නීති සංග්‍රහට යටතේ ගැණෙන වැරදි විභාග කිරීමට මහාධිකරණවලට බලය හිමිවනවා. අල්ලස්, සාපරාධී විශ්වාසය කඩ කිරීම, මූල්‍ය අපහරණය, මූල්‍ය විශුද්ධිකරණය, ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීම, සංවිධානාත්මක අපරාධ සහ මහජන දේපල අවභාවිතයට අදාල පැමිණිලි විභාග කිරීම මෙම මහාධිකරණය තුළින් සිදු කෙරෙනවා. රාජපක්‍ෂ පාලන සමයේදී තම පවුලේ සුඛ විහරණය වෙනුවෙන් රාජ්‍ය මුදල් අවභාවිත වූ ආකාරය මේ වන විට සිදු කෙරෙන විමර්ශනවලින් හෙළිවෙමින් පවතිනවා. මිග් යානා ගනුදෙනුවේදී ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාරය සහ ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. දිවිනැගුම අරමුදලේ මුදල් අවභාවිත කළ බවට හා අයථා ලෙස දේපල මිලදී ගැනීම ගැන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට චෝදනා එල්ල වද්දී ඔහුගේ බිරිඳ වන පුෂ්පා රාජපක්‍ෂ මහත්මියට එල්ල වන චෝදනාව වන්නේ චීන සමාගමකින් මුදල් ලබා ගත් බවටයි.

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට සහ රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයාට එල්ල වී ඇත්තේ රුපියල් බිලියන හතරක රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකුයි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධ සමාගමක් මගින් ඉදි කෙරුණු කොල්ලුපිටිය ග්‍රෑන් හයට් හෝටල් ව්‍යාපෘතියට වෙන් කළ රුපියල් බිලියන දහඅටයි දශම පහක මුදලක් අවභාවිත කළ බවටයි මෙසේ චෝදනා එල්ල වී ඇත්තේ. විශේෂ අධිකරණයේ පළමු නඩුව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ යන අයට එරෙහිව ගොණු කිරීමට තීරණය කර ඇති බවට අධිකරණ ක්‍ෂේත්‍රයේ ආරංචි මාර්ග පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2018 19:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්