ග්රාම නිලධාරී කොට්ඨාස 7ක අලි ගැටලුවට විසඳුම් දෙමින් ඉදි වූ අලි වැටක් පසුගියදා විවෘත කෙරුණා.
බලංගොඩ, ඌව කොස්ගම , වෙහෙරගොඩ , ග්රාමනිලධාරී කොට්ඨාස 7කට අයත් ගම්මානවලට වන අලි ගැටලුවෙන් නිරන්තරව පීඩා එල්ලවුණා.
ඊට විසදුමක් ලෙස අලි වැටක් ඉදිකෙරුණේ රුපියල් එක්කෝටි නව ලක්ෂයක වියදමින්.
සබරගමුව පළාත් සභාව මගින් ඉදි කෙරෙන මෙම අලිවැටේ දිග කිලෝමීටර් 52ක්.
ඉන් කිලෝමීටර් 7ක වැඩ අවසන් කර විවෘත කිරීම පාර්ලිමේන්තු මන්ත්රි වසන්ත පුෂ්පකුමාර මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරුණා.
