ශාසනාරක්ෂක සංඝ සභාව අද මහා සඝ සමුළුවක් කැඳවා තිබුණා.
කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී සමුළුව පැවැත්වුණේ.
සුඛා සංඝස්ස සාමාග්ගී යන තේමාව යටතේ ශාසනාරක්ෂක සංඝ සභාව අද සඝ සමුළුවක් කොළඹ දී සංවිධාන කර තිබුණා.
කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී අද පස්වරුවේයි මෙම සමුළුව පැවැත්වුණේ.
සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව , පෝෂණය හා ජාතික ආගමික සහජීවනය උදෙසා මෙම සමුළුව සංවිධාන කළ බවයි සාශනාරක්ෂක සංඝ සභාව සඳහන් කළේ.
ශාසනාරක්ෂක සංඝ සභාවේ සම්බන්ධීකාරක පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමින් වහන්සේ සහ බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර , පූජ්‍ය අක්මීමන දයාරතන ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙනුයි සමුළුව සංවිධාන කෙරුණේ.
පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරිසුමන, පූජ්‍ය මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන යන ස්වාමීන්වහන්සේ ද සංඝ සභාව ඇමතුවා.
