රුපියල් එක්කෝටි හතලිස් අටලක්ෂයක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් කටුනායක ගුවන්තොටුපොළින් පිටකරගෙන යමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනුණා.
මොහු මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු රැගෙන විත් තිබූ කුෂ් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 480ක්.
යාන්ත්‍රිකව සොසේජස් කරල් ලෙස සකස් කර ඒ මත චොකලට් තවරා සුළං නොවදින ලෙස පැකට් කර චොකලට් මෙන් පෙනී යන සේ ජනප්‍රිය චොකලට් වෙළෙද නාමයක්ද මුද්‍රණය කර මෙම මත්ද්‍රව්‍ය රැගෙනවිත් තිබුණා.
ඒ තවත් එවැනිම ටොපි සහ චොකලට් සමග මිශ්‍ර කර සඟවාගෙනයි.
