යකා බැඳි ඇල්ල ආරක්ෂා කර ගැනීමේ වැඩපිලිවෙලක්
Related Articles
යකා බැඳි ඇල්ල ආරක්ෂා කර ගැනීමේ වැඩපිලිවෙලක් පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ආරම්භ කර තිබෙනවා.
දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධ බලඇණියේ සිටි යෝධයෙකු වන ගෝඨයිම්බර යෝධයා විසින් මා ඔය හරස් කර යකා බැදි ඇල්ල නිර්මාණය කළ බව ජනප්‍රවාදයේ සදහන්.
පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගිරිඋල්ල මත්තේගම ප්‍රදේශයේ පිහිටි ගිරිඋල්ල යකා බැදි ඇල්ල ආරක්ෂා කිරීමටත් එය මතු පරපුරටත් දැක බලාගැනීමටත් පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ කුලියාපිටිය අඩවි වන නිලධාරී කාර්යාලය එක්ව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා.
මෙය නැරඹීමට පැමිණෙන ජනතාව රැගෙන එන ප්ලාස්ටික් බෝතල් පොලීතීන්, මත්පැන් බෝතල් වැනි දෑ පරිසරයට මුදාහැරීම නිසා ඇල්ල සහ ඒවට පරිසරය විනාශයවීම වළකාලීම සදහා සුරකිමු යකාබැදි ඇල්ල වැඩසටහන ක්‍රියාත්මක වනවා.
මෙහි ඓතිහාසික වටිනාකම පිලිබද තොරතුරු ඇතුලත් නාම පුවරුවක් නිරාවරණය කිරීම,පැල සිටුවීම සහ චිත්‍ර නිර්මාණ ඇතුලත් වැඩසටහන් ඇතුළත් වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවුණා.
ඒ පන්නල ප්‍රාදේශීය ලේකම් නීතිඥ සමන්ත වික්‍රමරත්න බණ්ඩාර මහතාගේඋපදෙස් පරිදියි.
*****චරිත / කුලියාපිටිය ධම්මික /අසංක / 02.20 (සුරේන්ද්‍ර)