සමනලවැව පොලිස් වසමේ අළුත්නුවර ප්රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි අළුත්නුවර ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු සන්තකයේ තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ ජීව පතරොමක් සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සමනලවැව පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
