ආසියානු පැරා ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා ඇමතිගෙන් සුබ පැතුම්
Related Articles
මෙවර චීනයේ හොන්ෂු නුවර දී පැවැත්වීමට නියමිත 4 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් ඇතුළු කණ්ඩායම පසුගියදා (10/11) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හමුවුණා.
ආසියානු කලාපයේ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000 කගේ සහභාගීත්වයෙන් “Sunny, Harmonious, Persevering, Sharing” යනසංකල්පයෙන් 2023 ඔක්තොම්බර් මස 22 සිට 28 දින දක්වා පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා තරග 08 ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙක් සහභාගී වෙනවා.
මලල ක්‍රීඩා, දුණු විදීම, බැඩ්මින්ටන්, සවි එසවීම, ඔරු පැදීම,පිහිණුම්, මේස පන්දු, රෝදපුටු ටෙනිස් මේ අතර වේ. පුහුණුකරුවන්,වෛද්‍යවරුන්,සම්භාහකයින් 17 දෙනෙකු ද මෙම කණ්ඩායම සමඟ එක් වේ.
මනා පුහුණුවීම් වලින් අනතුරුව පදක්කම් දිනාගත හැකි හොදම කණ්ඩායමක් මෙවර ආසියානු පැරා ක්‍රීඩා උළෙල සදහා සහභාගී වීමට නියමිත බව මෙහිදී එම සංගමයේ සභාපති ලුතිනන් කර්නල් දීපාල් හේරත් මහතා අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කළා.
විශේෂයෙන් වසර ගණනාවක සිටම අමාත්‍යවරයා මෙම ක්‍රීඩකයින් හට දැක්වූ සහාය සිහිපත් කළ සභාපතිවරයා ඒ පිළිබදව සිය කෘතඥතාව පල කළා.
මෙහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ට ඇති දුෂ්කරතා හෝ මොනයම් හෝ අපහසුතා ඇත්නම් ඒ පිළිබදව විවෘතව කතා කරන ලෙස ආරාධනා කළා.
තම පුහුණුකරු නොමැතිව තරගාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටියිනම් ඒ පිළිබදව ද ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටියා.
පැමිණ සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සෘජුව ප්‍රකාශ කර සිටියේ තමන් ඉතාමත් යහපත් මානසික මට්ටමකින් සිටින බවත් ලැබූ මනා පුහුණුවීම් හරහා ජයග්‍රාහී ඉලක්කයක වෙත ගොස් සහභාගීවන සෑම ඉසව්වකදීම පදක්කම් හිමිකර දී ශ්‍රී ලංකාවට ගෞරවය හා කීර්තිය එක් කිරීම ඔවුන්ගේ එකම අධිෂ්ඨානය බවයි.
කණ්ඩායම් නායක දිනේශ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයා ප්‍රකාශ කර සිටියේ තමන්ගේ වාර්තා අලුත් කිරීමේ බලාපොරොත්තුව මෙවර ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී අනිවාර්යෙන්ම ඉටු කරගන්නා බවයි.
ඒ සඳහා තමා සෑම අතින්ම හොද සුවයකින් සිටිනා බවත් තමන් ඇතුළු කණ්ඩායම මෙවර ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළින්ම ඔසවා තැබීමට කැපවීමෙන් යුතුව ක්‍රීඩා කරන බවයි.
මෙවර ක්‍රීඩා උළෙල නැරඹීම සඳහා අමාත්‍යවරයා වෙත ආරාධනා කළ පැරාලිම්පික් කමිටුවේ සභාපතිවරයා එය තමන් ඇතුළු කණ්ඩායමට විශාල ආශිර්වාදයක් හා ශක්තියක් වන බව සිහිපත් කළා.
එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තමන් පෞද්ගලික වියදමින් සියලුම සංචාරයන් සිදු කරන බවත්, එම මුදලින් ද තවත් ක්‍රීඩකයෙක් හෝ කිහිප දෙනෙක් තරගාවලිය සඳහා යැවීමට හැකිනම් එය වඩා වටිනා කටයුත්තක් බවයි.
මෙහි දී සියළුම ක්‍රීඩකයින් වෙත පෞද්ගලිකවම සුබ පැතුම් එක් කළ අමාත්‍යවරයා අපිට සිටින්නේ ලෝකයෙන්ම අංක 01 ට දක්ෂතා ඇති හොදමක්‍රීඩකක්‍රීඩිකාවන් බවත් තරගාවලිය සඳහා සහභාගී වී ශ්‍රී ලංකාව ආසියාවෙන්ම පළමු තැනට ගෙන ඒමට ශක්තිය ධෛර්යය ලැබේවායි ආශිර්වාය ද සමගින් සුබ පැතුම් ද එක් කළා.
මෙම අවස්තාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.මහේසන් මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්‍ය ෂේමාල් ප්‍රනාන්දු මහතා සහ ජාතික පැරාලිම්පික් කමිටුවේ නිළධාරීන් පිරිසක් එක්විය.