හෙරොයින් කිලෝ 68ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මාතර හක්මන ප්රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.
මාතර කොට්ඨාශ දූෂණ විමර්ශන ඒකකය සිදුකළ වැටලීමකදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ. පොලිසියට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කෙරුණා. එහිදී මෝටර් රථ දෙකක් සහ හෙරොයින් කිලෝ ග්රෑම් 20 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අනතුරුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී තවත් හෙරොයින් කිලෝ ග්රෑම් 48 ක් පොලිසිය සොයාගෙන තිබෙනවා. වැටලීම් සිදුකරන අවස්ථාවේදී ත්රි රෝද රථයකින් තවත් සැකකරුවෙකු පලා ගොස් ඇති අතර ඔහු සොයා විමර්ශන ආරම්භ කරන බවයි පොලිසිය පැවසුවේ.
