ඊයේ (23) තණමල්විල පොලිස් වසමේ බටුවැව ප්රදේශයේදී නීතිවිරෝධී ලෙස පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවෙකු කැණීම් උපකරණද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
සැකකරු වයස අවුරුදු 52 ක් වනසූරියආර, තණමල්විලප්රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
