දකුණු කොරියානු මහජන සමූහාණ්ඩුවේ ප්රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු වන යොං-ජෝ මුන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් ඊයේ (22) අරලියගහ මන්දිරයේ පැවැත්වුණා .
මෙරට බලශක්ති සහ කෘෂිකර්ම ක්ෂේත්රයේ ආයෝජනය කිරීමට කැමැත්ත පළ කළ යොං-ජෝ මුන් මහතා ප්‍රකාශ කළේ තමන් සභාපතිත්වය දරන ජාත්‍යන්තර අන්තර් හුවමාරු සංවර්ධන සංගමයට අනුබද්ධ ව්‍යවසායකයන් සූර්ය බලශක්ති ව්‍යාපෘති කිහිපයකට මෙන්ම ශ්‍රී ලංකාවේ පලතුරු වගාව සඳහා ද ආයෝජනය කිරීමට කැමැත්තෙන් පසුවන බවයි
ශ්‍රී ලංකාවේ පලතුරු වගාව සඳහා ආයෝජනය කිරීමේ කැමැත්තෙන් පසුවන්නන් කොරියාව ඇතුළු වෙනත් රටවලට මෙරට පලතුරු අපනයනය කිරීමේ අදහසින් පසුවන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා .
මෙම ක්ෂේත්රවල ආයෝජන කිරීමේ යෝජනා ශ්‍රී ලංකාව පිළිගන්නා බව පැවසූ අග්‍රාමාත්‍යවරයා විකල්ප බලශක්ති ප්රභවයන්වලට යොමු වෙමින් බොරතෙල් මත යැපීම අවම කිරීම සඳහා රජය සැලසුම් කර ඇතැයි පෙන්වා දී තිබෙනවා .