ඊයේ (23) කල්කුඩා පොලිස් වසමේ පාසිකුඩා මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු රළ පහරකට හසු වී අතුරුදන් වී තිබෙනවා.
අතුරුදන් වූ පුද්ගලයා වයස අවුරුදු 39 ක් වූ පොළොන්නරුව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදා ජීවිතාරක්ෂක නිලධාරීන් හා ප්රදේශවාසීන් එක්ව අතුරුදන්වූ පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් වල නිරතවී සිටිනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කල්කුඩා පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
