ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමට අනුව ඊශ්‍රායලයේ රැකියා හිමිවූ 164 දෙනෙකුට ගුවන් ටිකට්පත් ලබාදීම අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ සහ යටිතල පහසුකම් අංශයේ රැකියා හිමිවූ 164 දෙනෙකු වෙනුවෙනුයි ගුවන් ටිකට්පත් පිරිනැමුණේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ දේශපාලන හිතවාදීන්ට පමණක් විදෙස් රැකියා ලබාදුන් ක්‍රමවේදය වෙනස් කරමින් විධිමත් ක්‍රමවේදයක් අනුව රැකියා ලබාදීම මේ වන විට සිදු කෙරෙන බවයි.
