මහනුවර කොළඹ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන බව ඇමති කිරිඇල්ල පවසයි
Related Articles
කුමන අභියෝග මධ්‍යයේ වුවද මහනුවර කොළඹ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,
මහනුවර ඩී එස් සේනානායක පුස්තකාල ශ්‍රවනාගාරයේ සහ මහනුවර ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් පසුව පැවති උත්සවය අමතමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 600ක්. මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.