ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල වෙබ් අඩවිය වන stf.lk අද දින විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ ප්‍රධාන ශාලාවේදී නිල වශයෙන් අන්තර්ජාලයට දියත් කර තිබෙනවා.
මෙම විශේෂ උත්සවය විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනුයි පැවැත්වුණේ.
එමෙන්ම වෙබ් අඩවිය නිර්මාණය කළ නිලධාරීන් සඳහා එම අවස්ථාවේදීම ප්‍රසංසා පිරිනැමුණා.
නව තාක්ෂණයට අනුගත වෙමින්, විශේෂ කාර්ය බලකායේ විශේෂිත ඒකක, කඳවුරු පිහිටීම, විශේෂ සිදුවීම්, ටෙන්ඩර් කැඳවීම් වැනි තොරතුරු සහ නිල නිවේදන මහජනතාව වෙත කඩිනමින් හා විනිවිදභාවයෙන් යුතුව සමීප කිරීම මෙම නව වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණයි.
