ඉදිරි වගා කන්න හයක් තුළ මෙරට වී අස්වැන්න දෙගුණයකින් ඉහළ නැංවීමට ජනාධිපතිවරයාගේ ඉළක්කය ජයගන්න අත හිත දෙන්න ලෝක බැංකුව සූදානම් බව පවසනවා.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත කෘෂිකර්ම ව්‍යාපෘති රැසක් සඳහා සහයෝගය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (05) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට ලෝක බැංකුවේ මෙරට නියෝජිතයින් වන Ms. Dina Umali- Deininger, (Regional Director of sustainable development), Ms. Gayathri Acharya, )Practice Manager( Agriculture and Food) Mr. Jhon Keyzer, (Senior Special Economist), Ms. Anna o’donnel (Lead Social Development specialist), Mr. Ipec Alkan, (operation adviser), අතුල සේනාරත්න, ජ්‍යෙෂ්ඨ කෘෂි ආර්ථික විද්‍යාඥ, මනෝහරන්, ජ්‍යෙෂ්ඨ උපදේශක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක් වී තිබෙනවා.
මෙහිදී ඩ්‍රෝන තාක්ෂණය, වගා හානි වැළැක්වීම සඳහා යොදා ගන්නා විදුලි පරිපථ සහිත වැට, පැරෂුට් තැටි ලබා දීම, කිරි කර්මාන්තය නඟා සිටුවීම ආදි කරුණු කිහිපයකට අදාලව මෙහිදී සාකච්ඡා කරනු ලැබීය. විශේෂයෙන් ලෝක බැංකු ණය ආධාර යටතේ මෙම ක්ෂේත්‍ර සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරි වගා කන්න හයක් තුළ ශ්‍රී ලංකාවේ වී අස්වැන්න දෙගුණයකින් ඉහළ නැංවීම සඳහා වැඩ පිළිවෙළක් සකසන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දී ඇතැයි ද ඒ සඳහා අවශ්‍ය නව තාක්ෂණය වී වගාව සඳහා ලබා දිය යුතුව ඇතැයි ද සඳහන්
රට සහළින් ස්වයංපෝෂිත කිරීම මෙන්ම අපේ රටේ සහල් අපනයනය ඉළක්ක කර ගනිමින් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට ලෝක බැංකුව සුදානම් බව ද නියෝජිත පිරිස ප්‍රකාශ කර තිබෙනවා.
ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන වැඩ පිළිවෙළ වහාම තමන්ට ඉදිරිපත් කරන ලෙස ද එම නියෝජිතයෝ පෙන්වා දුන්නා.
වගා කන්න හයක් තුළ මෙරට වී අස්වැන්න දෙගුණයකින් ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද වැඩ පිළිවෙළ වහාම ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මියට උපදෙස් දුන් බව සඳහන්.
