කොංගෝවේ ඉබෝලා ආසාදිතයින් සංඛ්‍යාව 3,200 ඉක්මවා තිබෙනවා.
සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,405ක්.
කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයෙන් වාර්තා වන තහවුරු කළ ඉබෝලා රෝගීන්ගේ සංඛ්‍යාව තුන්දහස් දෙසියය දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, මේ වන විට ඉබෝලා වෛරසය හේතුවෙන් පුද්ගලයින් එක්දහස් හාරසිය පස්දෙනෙකු මියගොස් ඇති බවයි.
රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ආසාදිතයන් හඳුනාගැනීම, ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් නිරීක්ෂණය කිරීම, ප්‍රතිකාර සහ එන්නත්කරණ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කරමින් පවතින බව කොංගෝ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරනවා.
ලෝක සෞඛ්‍ය අංශ ද මෙම තත්ත්වය පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින්, රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කොංගෝ බලධාරීන්ට අඛණ්ඩ සහාය ලබාදෙමින් සිටිනවා.
