මියන්මාර නායිකා අවුන්සාන් සුකීට දකුණු කොරියාව ලබා දුන් ග්වන්ගු මානව හිමිකම් ගෞරව නාමය ඉවත් කර ගැනීමට දකුණු කොරියා රජය තීරණය කර තිබෙනවා.
රෝහින්යා සරණාගතයින්ට සිදු කරන තාඩන පීඩන සම්බන්ධයෙන් අවුන්සාන් සුකී නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් මෙලෙස සිදුකර ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ. මීට පෙර මෙම චෝදනාව හේතුවෙන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ලබා දුන් ගෞරව නාමයක් ද ඉවත් කෙරුණා. තවද කැනඩාව ලබා දුන් පුරවැසිභාවයද ඉවත් කරගනු ලැබුවා. අවුන්සාන් සුකීට දකුණු කොරියාව මෙම ග්වන්ගු මානව හිමිකම් ගෞරව නාමය 2004 වසරේදී ලබා දී තිබුණා.
