fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රිකට් අතුරු කමිටුව ගැන කැබිනට් තීරණයක් ගත්තේ නැහැ – ඇමති රොෂාන් කියයි

hasiniek
By hasiniek නොවැම්බර් 14, 2023 16:59

ක්‍රිකට් අතුරු කමිටුව ගැන කැබිනට් තීරණයක් ගත්තේ නැහැ – ඇමති රොෂාන් කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය නිවරැදි නොවන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට ලබාදී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා .

මින් ඉදිරියට අතුරු කමිටු පත්කරන්නේ නම් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත කළ නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයානිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එවැනි කිසිදු කැබිනට් නියෝගයක් හෝ සාකච්ඡාවක් නොතිබූ බැවින් ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය නිවරැදි කළ යුතු බවයි.

hasiniek
By hasiniek නොවැම්බර් 14, 2023 16:59

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්