දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ඉදිරි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා
ඒ අනුව වර්ෂාපතනය, සුළඟේ වේගය සහ මුහුදේ ස්වභාවය පිළිබඳව ධීවර සහ නාවික ප්‍රජාවගේ අවධානය යොමු කරන ලෙසයි ඉල්ලා සිටින්නේ .
මීගමුව සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති වීමේ හැකියාවක් පවතින බව සඳහන්
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 30-40 පමණ වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ .
හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ .
