දෙහිඅත්තකණ්ඩිය මාවනාවෙල ගම්මානයේ ප්රධාන විදුලි පද්දතියෙන් අනවසර විදුලිය ඇද තිබූ විදුලි රැහැනක වන අලියෙක් ගැටීමෙන් එම සත්වයා මිය ගොස් තිබෙනවා.
ඊයේ16 දින රාත්රී අලියා විදුලි රැහැනට ගැටී ඇති බවටයි ගම්වාසීන් පවසන්නේ
අලියා මියගොස් ඇති ස්ථානයේ සිට මීටර් 50 කට ආසන්න දුරින් මාවනාවෙල වනජීවී කාර්යාලය පිහිටා ඇති නමුත් ගම්වාසීන් චෝදනා කරන්නේ ගමට අලි රංචු පිටින් පැමිණියද අලි එලවන්න වනජීවී නිලධාරීන් කටයුතු නොකරන බවයි.
දිනපතා මාවනාවෙල ගමේ රාත්රී කාලයෙත් දවල් කාලයෙත් අලි රංචු පිටින් සැරිසරන බව ගම්වාසීන් පවසනවා.
අලියා උස අඩි 9 පමන වන අවුරුදු 20 ක් 25 අතර පිරිමි සතෙක් .
