හෙක්ටාරයකට රුපියල් විසිපන්දහස බැගින් වු ගොවි සහනාධාර අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
රුපියල් මිලියන විසිදහසක් ඒ සඳහා වෙන්කර ඇති බවයි ඒ මහතා පවසන්නේ.
මේ අතර ආපදා තත්ත්වයන්ට පත්ව ඇති ගොවීන්ට අමතරව වැව් අමුණු රැසක් සමග අක්කර 8000කට පමණ හානි සිදුව ඇති බව නාමල් කරුණාරත්න මහතා පැවසුවා.
පූර්ණ සහ අර්ධ හානි සිදුව තිබෙන ගොවීන්ට සහාය වීමට රජය සුදානම් බවයි ඒ මහතා පවසන්නේ.
එළවළු ගොවීන් ගැන ද අවධානය යොමුකර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
රට තුළ පොහොර හිඟයක් නොමැති බව ද ඒ මහතා අවධාරණය කළා.