පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මගී පහසුකම් වැඩි කරන්න තීරණයක්
Related Articles
පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මගී පහසුකම් පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.
පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස නම් කිරීමත් සමග මේ වනවිට මගීන් 60 දෙනෙකු රැගත් යානයක් ඉන්දියාවේ චෙන්නායි සිටි පලාලි දක්වා පැමිණෙනවා.
ඉදිරියේදී ඉන්දියාවේ ඉන්ඩිගෝ සමාගමට අයත් ගුවන් යානා ද චෙන්නායි සහ පලාලි අතර ගුවන් මෙහෙයුම් සිදුකිරීමට නියමිතයි.
එම ගුවන් තොටුපල නිරීක්ෂණය කළ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එහි පහසුකම් වැඩිදියුණු කිරීම සදහා රුපියල් මිලියන 200ක් පමණ වැය කිරීමට සිදුවන බව සදහන් කළා.
මගී පර්යන්තය පුළුල් කිරීම සහ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක් පිහිටුවීම ඒ යටතේ සිදුකෙරෙනවා.
සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සහ ආගමන විගමන හා රේගු නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සැලසීම ද සිදුකිරීමට නියමිතයි.