කිලිනොච්චිය, පෙරියපරන්තන් ප්රදේශයේ පිහිටි නිවසක තරුණියන් දෙදෙනෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන සිටිය දී ඊයේ (16) පස්වරුවේ කිලිනොච්චිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ පෙරියපරන්තන් ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 17ක තරුණියන් දෙදෙනෙකුයි
මෙම තරුණියන් දෙදෙනා ලියූ බවට සැකකෙරෙන ලිපියක් ද පොලිසිය විසින් එම දේහයන් අසල තිබී සොයාගෙන තිබෙනවා
එම ලිපියේ සඳහන්ව ඇත්තේ අපිට සමාවෙන්න, අපේ මරණවලට කිසිවෙකු වගකිවයුතු නැති බවයි. ඔවුන්ට තවදුරටත් ජීවත් වීමෙන් පලක් නොමැති නිසා මේ අන්දමට සියදිවි හානිකර ගන්නා බවද එම ලිපියේ සඳහන්.

