ඊයේ (05) රාත්රියේදී ගම්පොළ ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව තිබෙනවා.
රාත්‍රී 10.49ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ.
රික්ටර් මාපක 2ක පමණ සුළු භූකම්පනයක් මෙලෙස සිදුව ඇති අතර එය කම්පන මාපකවල සටහන්ව ඇති බව ද එම කාර්යාංශය සඳහන් කළා.
මෙහි කේන්ද්‍රය ලෙස පුපුරැස්ස ප්‍රදේශය හඳුනාගෙන ඇති බවත් මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ, බුද්ධංගල යන මාපකවල මෙය සටහන්ව ඇති බවත් සඳහන් .
