නාලක කලුවැවට තනතුරක්
Related Articles
නාලක කලුවැව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නාලක කලුවැව මහතා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් (05දා) රාජ්‍ය පරිපාලාන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් පත්වීම් ලබා ගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පරිපාලන සේවයේ වසර 23 ක පළපුරුද්දක් ඇති ඒ මහතා මින් පෙර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරය මෙන්ම, ජනාධිපති අතිරේක ලේකම් ආදී තනතුරු රැසක් දරා අත්දැකීම් සම්භාරයක් සහිත නිලධාරියෙක්.
රාජ්‍ය පරිපාලනය හා කළමනාකරණය පිළිබඳ ඕස්ට්‍රේලියාවේ කැන්බරා හා කොළඹ විශ්ව විද්‍යාලයන්හි පශ්චාත් උපාධිධරයකු වන කලුවැව මහතා 2000 වසරේ දී රාජ්‍ය සේවයට එක් වී තිබෙනවා.