අස්වනු නෙලන අවස්ථාවේම රජය මගින් වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ගොවි ජනතාව රජයට ප්රසාදය පල කරනවා.
රජය මගින් වී සඳහා සහතික මිලක් නියම කරමින් අස්වනු මිලදී ගැනීමට තීරණය කළා.
ඒ අනුව වී අලෙවි මණ්ඩලය මගින් ගබඩා විවෘත කරමින් වී මිලදීගැනීමේ කටුතු සිදු කෙරෙනවා.
අස්වනු නෙලන අවස්ථාවේම සිය අස්වැන්න පාලන මිලට ලබාගැනීම තමන්ට ඉතා වාසිදායක තත්ත්වයක් බවයි ගොවීන් පවසන්නේ.
