මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීමට පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හෝල්ගර් ෂුබට් මහතා පවසනවා. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සංචාරයකට එක්වෙමින් තානාපතිවරයා මේ බව කියා සිටියා.
ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති හෝල්ගර් ෂුබට් මහතා ඇතුළු නියෝජිත පිරිසක් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සංචාරයකට එක් වුණා.
එම වනෝද්‍යානයේ මහවිලච්චිය නවාතැන් පහසුකම් සහිත අඩවි ආරක්ෂක කාර්යාලය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්ුවට භාරදීම තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය පිළිබද ජර්මානු ෆෙඩරල් අමාත්‍යාංශය මේ සදහා මූල්‍ය දායකත්වය ලබාදී තිබෙනවා.
අනුරාධපුර වනජීවී කලාප සහකාර අධ්යක්ෂ ඩබ්ලිව් එම්.ඒ. එස් චන්ද්‍රරත්න, සංචාරක සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂිකා චාන්දනී විල්සන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියා.
