උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා .
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට ( 09) දිනය සඳහා වලංගු වන පරිදි, අද (08) දින මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා .
ඒ අනුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය වලංගුයි .
මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කළ යුතු ” මට්ටමක පැවතිය හැකි බව වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා .
එම ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ සලිකිලිවත්වන ලෙසයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ .
