ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඊයේ දිනයේදී සාර්ථකව අවසන් වුණා. කෙසේ වෙතත් නිල ඡන්ද ප්‍රතිඵලයට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අත්සන් තැබීමට පෙර පෞද්ගලික මාධ්‍ය නාලිකාවක් එම ප්‍රතිඵල විකාශය කිරීම හේතුවෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිල ඡන්ද ප්‍රතිඵල ලේඛනයට අත්සන් නොතබාම එම ස්ථානයෙන් පිටත්ව ගියා.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ නිල ප්‍රතිඵලවලට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද පන්දහස් දෙසිය හැත්තෑ තුනක් ලබාගනිමින් ආසන 3 ක් හිමිකර ගත්තා. එක්සත් ජාතික පක්ෂය ඡන්ද දස දහස් එකසිය දහ තුනක් ලබාගනිමින් ආසන 7 ක් හිමිකර ගත්තා. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද දෙදහස් හාරසිය තිස්පහක් ලබා ගනිමින් ආසන 2 කට හිමිකම් කිව්වා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද විසිතුන්දහස් තුන්සිය හැත්තෑ දෙකක් ලබා ගනිමින් ආසන 17 ක් හිමිකර ගැනීමට සමත් වුණා.