ගැටුම් නවතා යළි සාකච්ඡා සඳහා පිවිසීමට ඉරානය සහ අමෙරිකාව එකඟ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව අමෙරිකානු සහ ඉරාන බලධාරීන් අද (30) දිනයේ කටාර් රාජ්‍යයේ දෝහාහිදී හමුවීමට සැළසුම් කර ඇති බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth මාධ්‍ය හරහා පවසා ඇත්තේ.
එහිදී හෝමූස් සමුද්‍රසන්ධියේ නාවුක ප්‍රවාහනය ඇතුළු දෙරට අතර අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ගැඹුරින් අවධානය යොමු කෙරෙනු ඇති බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත් ඉදිරි දින 30ක කාලය සඳහාද හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය යටතේම පවත්වාගන්නා බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා.
