2023 අංක 9 දරණ දූෂණ විරෝධි පනත ප්රකාරව රාජ්ය නිලධාරීන්ට වත්කම් බැරකම් ප්රකාශ ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අද (30) දිනයෙන් අවසන් වෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම දැනුම් දීම කර තිබෙනවා.
ඒ අනුව අද (30) වනවිට වත්කම් සහ බැරකම් ප්රකාශ ඉදිරිපත් නොකරන රාජ්ය නිලධාරීන්ගෙන් දඩ මුදල් අයකර ගැනීමට කටයුතු කරන ලෙසයි කොමිෂන් සභාව සියලුම රාජ්ය ආයතන ප්රධානීන්ට දැනුම් දී ඇත්තේ.
