fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුපිරි පන්දුවාරයකදී කණ්ඩායමක තරග ජය තීරණය කිරිමේ නීති සංශෝධනය කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 10:42

සුපිරි පන්දුවාරයකදී කණ්ඩායමක තරග ජය තීරණය කිරිමේ නීති සංශෝධනය කෙරේ

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියන්හි සුපිරි පන්දුවාරයකදී කණ්ඩායමක තරග ජය තීරණය කිරිමේ නීති සංශෝධනය කිරිමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.  ඒ ඩුබායි නුවරදී නිමා වූ අයිසීසී මණ්ඩල රැස්විමේදීයි.

ලෝක කුසලාන තරගාවලියන්හිදී ලකුණු සමවීමක් සිදුවුවහොත් තරගයේ ජයග්‍රහාහකයා තේරීම සදහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරිම ඉදිරියටත් පවත්වාගෙන යාමට අයිසීසී ක්‍රිකට් කමිටුව සිදු කළ නිර්දේශය සදහා අයිසීසී විධායක කමිටුව එකගතාවය පළ කර තිබෙනවා. ඒ අනුව විස්සයි විස්ස සහ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියන්හි මූලික වටයේ තරගවලදී සුපිරි පන්දුවාරයද ලකුණු සමවීමකින් අවසන් වුවහොත් එම තරග ජයපරාජයෙන් තොරව නිමා කරනු ඇති. කෙසේ වෙතත් අවසන් පූර්ව තරග සදහා  සහ අවසන් තරගයේදී සුපිරි පන්දුවාරයක් සමවී අවසන් වුවහොත් එක් කන්ඩායමක් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නා තුරු සුපිරි පන්දුවාර යළි ක්‍රියාත්මක කිරිමටයි අයිසීසීය තීරණය කර ඇත්තේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 10:42

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්