යුක්රේනයේ කියෙව් නගරය ඉලක්ක කර ගනිමින් අද දිනයේදීත් රුසියාව ප්රහාර රැසක් එල්ල කර තිබෙනවා.
කියෙව් නගරයේ මහල් නිවාස ගොඩනැගිලි කිහිපයක් ඉලක්ක කර ගනිමින් ප්රහාර එල්ල වු බවයි නගරාධිපතිවරයා සඳහන් කරන්නේ. ප්රහාර 04ක් සිදුව ඇති අතර ඩ්රෝනයානා උපයෝගී කර ගනිමින් ප්රහාර සිදු කර ඇති බව යුක්රේන ආරක්ෂක අංශ නිවේදනය කරනවා. එම ඩ්රෝනයානා ඉරානයේ නිෂ්පාදිත බවට යුක්රේනය චෝදනා කළ ද එම සියලු චෝදනා ප්රතික්ෂේප කරන බවයි ඉරානය පවසන්නේ. පසුගිය සතියේ දී ද මෙලෙස රුසියාව එල්ල කළ මිසයිල ප්රහාරයන්ගෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා. ක්රයිමියා ප්රදේශයේ කර්ච් පාලම ඉලක්ක කරගනිමින් යුක්රේනය එල්ල කර ප්රහාරයට ප්රතිචාර ලෙස මෙම ප්රහාරයන් එල්ල කරන බවයි රුසියාව පවසන්නේ.
