fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සත්තිස් බෝධි පාක්ෂික ධර්ම විවරණ ග්‍රන්ථය එළිදැක්වේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 13:14

සත්තිස් බෝධි පාක්ෂික ධර්ම විවරණ ග්‍රන්ථය එළිදැක්වේ

රක්වාන ශ්‍රී ජිනේන්ද්‍රාරාමාධිපති පූජ්‍ය අම්මුඩුවේ විමල ස්වාමීන්වහන්සේ රචනා කළ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම විවරණ ග්‍රන්ථය එළිදැක්වුණා.

ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ශ්‍රී ජිනේන්ද්‍රාරාමයේදී පැවැත්වුණේ අමරපුර ශ්‍රී සද්ධම්මවංශික මහානිකායේ අනුනායක පූජ්‍ය බලංගොඩ පියනන්ද, රාමඤ්ඤ මහානිකායේ සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කෝන්ගස්තැන්න ආනන්ද යන ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන්. නිවන් මඟ අවබෝධ කරගැනීමට අදාළ කරුණු ඇතුළත් කතා 13 කින් යුක්තව මෙම ග්‍රන්ථය නිර්මාණය කොට ඇති බව පූජ්‍ය අම්මුඩුවේ විමල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කළා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 13:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්