කණ්ඩලම ප්රදේශය පුරා පවතින වර්ෂාවත් සමග අද (22) දින කණ්ඩලම ජලාශයේ වාන් දොරටු තවදුරටත් විවෘතව පවතින බව මහවැලි අධිකාරිය පවසනවා.
ඒ අනුව තප්පරයට ඝන අඩි 500 ක ජල කඳක් කණ්ඩලම ජලාශයෙ වාන් අල දිගේ කුඩා තම්මන් ඇළ හරහා මිරිස්ගෝනියා ඔයට වැටී කලාවැවට මුදා හරිනවා.
කණ්ඩලම ජලාශය වාන් දැමීම නිසා දඹුල්ල වෑවල වැව ප්රධාන මාර්ගය හරහා වාහන ගමනා ගමනයට බාධා එල්ල වුණා.
මේ වනවිට මොරගහකන්ද ජලශයේද සම්පුර්ණ ජල ධාරිතාවයට ළඟාවී වී තිබෙනවා.
