පොලිසිය ඊයේ (21) දිනයේ දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 508 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය ඊයේ (21) දිනයේදී පුද්ගලයන් 28369 දෙනෙකු පරික්ෂාවට ලක්කළා.
එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් සැකකරුවන් ගණන 19ක්.
වරෙන්තුකරුවන් 325 දෙදෙනෙකු මෙන්ම විවෘත වරෙන්තුකරුවන් 210 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවුණා.
බීමත් රියදුරන් 226 දෙනෙකු හා අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 3681 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් තවදුරටත් දිවයින පුරා ක්‍රියාත්මක වනවා
