කොළඹ සංවර්ධනය යනු එක් පිරිසකට පමණක් සීමා වූවක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බොරලැස්ගමුව, කෙලිමඩල ළමා උද්‍යානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.
මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාශයේ මගපෙන්වීමෙන් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම ළමා උද්‍යානය ඉදිකළා. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් මෙරට ඉදිකළ පළමු ළමා උද්‍යානය ලෙසයි මෙය සැලකෙන්නේ. මෙහි ළමා උද්‍යානය හා ඇවිදින මංතීරුව හෙක්ටාර තුනයි දශම හයක් පුරා පවතිනවා. විවිධ වර්ගයේ ක්‍රියාකාරකම් විසිඑකක නිරත වීමට දරුවන්ට මෙහිදී හැකියාව උදාවනවා. උපරිම ආරක්ෂාවක් යටතේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට සාමූහික ක්‍රියාකාරකම්වල නිරතවීමේ අවස්ථාව පවතිනවා. හෙක්ටාර දෙකක තාවකාලික ජල රැඳවුමක් සහිත ළමා උද්‍යානය හා ඇවිදින මංතීරුව විවෘත කිරීමේ අවස්ථාවට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු මැතිඇමතිවරුන් කිහිප දෙනෙකු සහභාගි වුණා.
ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Jlahkivfq-E&feature=youtu.be”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/2-2.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/3-2.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/4-2.jpg”]