හදිසි ආපදා තත්ත්වයහේතුවෙන් බලපෑම් සහගත හානිදායක තත්වයකට මුහුණදුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නැවත යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණ සහිතව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය එක්ව සංවිධානය කළ “දිරි පවුර” ශ්‍රම මෙහෙයුම අද (04) දින උදෑසන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ආරම්භ වී තිබෙනවා.
ඒ සඳහා විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ගණනාවක ශිෂ්‍යයින්, ඒවායේ ආදිවිද්යාර්ථීන් , ආචර්යවරුන් ඇතුලු අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩලයේ සාමාජිකයින් මෙන්ම අවට ප්‍රදේශයේ ජනතාවද විශාල පිරිසක් මේ සඳහා සම්බන්ධ වුණා.
