ඓතිහාසික බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා දැමීම පිළිබද සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ඉදිරි දින කිහිපය තුළ අග්‍රාමාත්‍යවරයාට භාර දෙන බව එම කමිටුවේ සභාපති පුරාවිද්‍යා අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසනවා. ඒ පිළිබදව අද පෙරවරුවේ ද අග්‍රාමාත්‍යවරයා තමාගෙන් විමසූ බවයි සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන කුරුණෑගල නගරාධිපතිවරයා එම ස්ථානයට ගොස් මාධ්‍ය වෙත කරුණු දැක්වූවා ඉබ්බාගල රජමහා විහාරාධිපති වැටෙක්ගම සීලානන්ද ස්වාමීන් වහන්සේ ද එම ස්ථානයේදී මේ පිළිබදව කරුණු පැහැදිලි කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/eiRetTXpVdU”]
