ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා .
එම නිවේදනය අද (04) රාත්‍රී 11.30 දක්වා වලංගු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ .
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සබරගමුව සහ දකුණු පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි .
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව සඳහන් කරනවා .
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ .
