ස්වාධීන රූපවාහිනි ප්රවෘත්ති අංශයේ ආරම්භක අවධියේ සිට ප්රාදේශීය වාර්තාකරුවෙකු ලෙස කටයුතු කළ ජී අධිකාරි ආරච්චි මහාතා අභාවප්රාප්ත වුණා.
දේහය පිළිබඳ අවසන් කටයුතු කෑගල්ලේ දී අද(03) සිදු කෙරුණා.
ස්වාධීන රූපවාහිනී ප්රවෘත්ති අංශයේ කෑගල්ල ප්රාදේශීය වාර්තාකරු ලෙස ජී අධිකාරී ආරච්චි මහතා දීර්ඝකාලයක් කටයුතු කළා.
ඒ මහතා මිය යන විට 78වන වියේ පසුවුණා.
අධිකාරිආරච්චි මහතාගේ බිරිද වූ තලතා අධිකාරී මහත්මියද මීට දින දෙකකට පෙර අභාවප්රාප්ත වූ අතර ඒ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙනුයි අධිකාරීආරච්චි මහතා මියගොස් තිබෙන්නේ.