රිය අනතුරුවලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක ටේක්කෙයාර් සුරැකෙමු මගතොට වැඩසටහනේ තවත් අදියරක් අද(03) ක්‍රියාත්මක කෙරුණා.
ඒ අම්පාර ඩී එස් සේනානායක ජාතික පාසලේදීයි.
රිය අනතුරු පිළිබඳ දැනුවත් කරමින් එය වළක්වා ගැනීම සඳහා ක්‍රියා කිරීමේ වැදගත්කම තහවුරු කෙරෙන ටේක්කෙයාර් සුරැකෙමු මගතොට වැඩසටහන අම්පාර ඩී එස් සේනානායක ජාතික පාසලේදී අද(03) පැවැත්වුණා.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන මේ සඳහා පූර්ණ මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයයි.
දැනුවත් කිරිමේ දේශන / ප්‍රායෝගික ක්‍රියාකාරකම්/ අනතුරු වළක්වා ගැනීමේ ක්‍රම සහ අනතුරක් සිදු වීමෙන් පසු ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ මෙහිදී දැනුවත් කෙරුණා.
ටේක්කෙයාර් 55 වන වැඩසටහන හෙට දිනයේ කල්මුණේ වෙස්ලි විද්‍යාලයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා.